රුපියල් කෝටි දෙකකට අධික හෙරොයින් කිලෝ 2.024ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ සවස වැල්ලවත්ත දිසා දූෂණ මර්දනය ඒකකය විසින් ඔරුගොඩවත්ත ගුවන් පාලම අසළදී මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
සැකකරු අවුරුදු 34ක් වන අංගොඩ පදිංචි මොහොමඩ් රහීම් මොහොමඩ් රොෂාන් නැමැත්තෙකි.
