කෝටි පහක රන් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි පහක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු අද (23දා) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපළ ලොබි ශාලාවේ ආවේක්ෂණ රාජකාරී වල නියැලී සිටි ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළේය.
මෙම ජාවාරම්කරුවන් පිරිස අතරින් දෙදෙනකු කොළඹ දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ යන ප්‍රදේශවල පදිංචි 28 හැවිරිදි දෙදෙනෙක් වූ අතර දරුවා අවුරුදු 13ක් වන කෑල්ලේ පදිංචි පිරිමි දරුවෙකි.
ඔවුන් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව වෙත පිවිසීම සඳහා ගුවන් තොටුපළ ප්‍රවේශ පත්‍ර තුනක් ලබා ගෙන, ගුවන් තොටුපළ තුළට පැමිණ, විදේශයකින් පැමිණි කිසිවෙකුගෙන් මෙම රත්තරන් තොගය ලබා ගෙන , ගුවන් තොටුපළෙන් පිටතට රැගෙන යෑමට සූදානම් වෙමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
කුඩා දරුවා අත වූ ගමන් මල්ලක කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 500 ක් පමණ බර වූ මෙම රත්තරන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
