කන්තලේ සීනි සමාගමේ අබලි යකඩ හා ගොඩනැගිලි ඉන්දීය ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විශේෂ මහාධිකරණය - 01 හි නඩු පැවැරීය.
ඔවුන්ට එරෙහිව චෝදනා 24ක් ඉදිරිපත් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛණ 41ක් හා සාක්ෂිකරුවන් 46ක් ඉදිරිපත්කිරිමට සූදානම් බව අල්ලස් කොමිෂම සඳහන් කළේය.
