කෝටියක් සමග අතුරුදන් වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
- 7 09 2016
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
රුපියල් කෝටියක මුදලක් සමග පසුගියදා (04දා) පැහැරගත් බව කියූ ව්‍යාපාරිකයා බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මොහොමඩ් නස්රින් නැමැති මෙම ව්‍යාපාරිකයා බසයකින් ගමන්කරන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලයේ පැවැති රන් බඩු වෙන්දේසියකට රුපියල් කෝටියක් සමග ගිය පසු ඔහු අතුරුදන්වූ බව සැකකාර ව්‍යාපාරිකයාගේ පියා පොලීසියට පැමිණිලිකර තිබුණි.
සැකකරු අධික ලෙස ණය ගෙන ඇති බවත් ඒ ණයින් බේරීමට සිතාමතාම සැගවීමට උත්සාහ කළේදැයි යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
