කොළඹ වාහන නිසා දිනකට කෝටි 100ක අලාභයක්
මෑතකදී සිදු කරන ලද අධ්‍යනයකට අනුව කොළඹ නගරයේ රථ වාහන තදබදය නිසා දිනකට සිදුවන පාඩුව රුපියල් බිලියනයක් බවත් රථ වාහන තදබදය හේතුවෙන් වසරකට රුපියල් බිලියන 397ක් නිකරුණේ දැවී යන බවත් මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
දිනකට කොළඹ නගරයට ඇතුළුවන සහ පිටවන වාහන සංඛ්‍යාව 300,000 ක් බවත් එයින් වාහන 250,000ක් ම පෞද්ගලික වාහන බවත් එක දිනකට කොළඹ නගරයට ඇතුළුවන මගීන් සංඛ්‍යාව මිලියන 1 ක් බවත් ඔහු සඳහන් කළේය.
හදවත් යා කෙරෙන මංමාවත් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ වන විට ප්‍රධාන නගර ගණනාවක රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් සකස් කොට ඇති බවත් මේ වසර තුළ අධිවේගී මාර්ගයන්හි කිලෝමීටර 146ක ප්‍රමාණයක් නිමකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සම්පූර්ණයෙන්ම දේශීය අරමුදල් යොදා ගෙන, දේශීය ඉංජිනේරුවන් විසින් ඉදි කළ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර මේ වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල නිම කිරීමට අපේක්ෂිත බවත් පිටත වටරවුම් මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා වන තුන් වන අදියර ද මේ වසරේ නිම කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව කටුනායක සිට මාතර දක්වා අඛණ්ඩව අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම මේ වසරේදී ආරම්භ වීමට නියමිත බවත් කොළඹ නගරයේ කැලණි පාලම පුළුල් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වී ඇති අතර වරාය දක්වා දිවෙන කණුමත ඉදි වෙන අධිවේගී මාර්ගයේද ඉදිකිරීම් ආරම්භ වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
කැළණියේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා කණු මත ඉදිවන අධිවේගී මාර්ගයේ වැඩකටයුතුද ආරම්භ කරන බවත් කොළඹ නගරයේ ස්ථාන දෙකක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලම් ඉදි කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

