කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන් මෙන්ම ඒ හා බැඳුණු දිවයිනේ සියලුම නගර වල ව්‍යාපාරිකයින් ඉතා දුක්ඛිත තත්ත්වයට හා අවිනිශ්චිත තත්ත්වයකට මේ වනවිට මුහුණ දී සිටින බව පැවසූ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් දැනට උද්ගත වී ඇති තත්ත්වය යටතේ තම දේපොළ බැංකු ඇපකර ලෙස තබා ණය ලබාගෙන ඇති බැවින් එම ණය ගෙවීම සඳහා සහන කාලයක අවශ්‍යතාවය ඔවුන් මෙහිදී විපක්ෂ නායකතුමා වෙත පෙන්වා දුණි.
එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුවේදී ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී ඇති ගැටලු පිළිබඳව රජයේ අවධානය යොමු කරවීමට කටයුතු කිරීම සම්බන්ධව විපක්ෂනායකතුමාට ඔවුන්ගේ ප්‍රශංසාව එක් කළහ.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමුවූ අතර එහිදී මෙම තත්ත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධව රජය සහන වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා තමන්ට පැවසූ බවද මෙහිදී පැවසීය.
එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු ගැන යළි සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද විපක්ෂනායකතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආචාර්ය ඩී වෙන්කටේස්වරම් මහතා ඇතුළු සාමාජිකයන් පිරිසක් එක්වූහ.
