තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම අගෝස්තු මස 2දා – 4 දා දක්වා පෙ.ව. 9.00 සිට පස්වරු 6.00 දක්වා කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පහිටි තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙන බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
පැරණි මුද්දර, කාසි, නෝට්ටු මෙන්ම දෙස් විදෙස් නව මුද්දර මිලට ගැනීමට, මුද්දර හා ඒ ආශ්රිත අයිතම, මුද්දර ඇල්බම් 1857 වසරේ සිට නිකුත් කෙරුනු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාවලිය සහ මුද්දර ආශ්රිත බොහෝ දේ මෙහිදී මිලදී ගැනීමට මෙන්ම නැරඹීමටද අවස්ථාවක් ඇති බව මුද්දර කාර්යාංශය සඳහන් කරයි.
මුද්දර කාර්යාංශයේ සාමාජිකත්වය ලබාගැනීම හා තමන්ගේ රුව යෙදූ මුද්දර මිලදි ගැනීමටද මෙහිදී අවස්ථාව උදාකර දී තිබේ.
