කොළඹ මහාධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කරමින් සිට පොලිස් කොස්තාපල්වරියකගේ ඇඟ පහුරු ගා තුවාල කරමින් රාජකාරියට බාධා කළ නීතිඥවරියක් කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
තුවාල ලත් කොස්තාපල්වරිය රෝහල් ගත වීම සඳහා අධිකරණ පෝරමයක් නිකුත් කළ බව පොලීසිය පවසයි.
කොස්තාපල්වරිය සෙසු නිලධාරීන් සමග මහාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරී කරමින් සිටියදී අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමට පැමිණි නීතිඥවරයි පරීක්ෂාවට ලක්කිරීමට සූදානම් වීමේදී සැකකාර නීතිඥවරිය ඊට ඉඩ නොදෙමින් ඇය ඇඟ පහුරු ගා එම ස්ථානයෙන් පිටව ගිය බවට කොස්තාපල්වරිය පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම පැමිණිල්ල අනුව නීතිඥවරිය පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඇය අත්අඩගුවට ගෙන තිබේ. බත්තරමුල්ලේ පදිංචි 51 හැවැරිදි නීතිඥවරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
බිමල් ශ්‍යාමන්
