කොස්ගෙඩි මිලියන 75ක් අපතේ යනවා
ලංකාව තුළ වාර්ෂිකව නිෂ්පාදනය වන කොස් ගෙඩි මිලියන එකසිය පනහකට අධික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් එනම් මිලියන 75කට අධික ප්‍රමාණයක් මේ වනවිට අපතේ යන බවට වාර්තා වන බව කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.
ප්‍රෝටීන්, තන්තු, කැල්සියම් වැනි පෝෂ පදාර්ථවලින් සමන්විත කොස් පලතුරක්, ව්‍යංජනයක් හා ඍජුවම කොස් මදුළු තම්බා ආහාරයට ගැනීමට අතීතයේදී ජනතාව කටයුතු කළත්, මේ වනවිට එම තත්ත්වය අඩුවෙමින් යන බව එම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ නිසා කොස්වලින් නිර්මාංශ ආහාරයක් සකස් කිරීම පිළිබඳ සිදුකළ පර්යේෂණවලට නව ආහාරයක් සොයාගෙන තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම ආහාරය සොසේජස් හැඩයට සකස් කරගත හැකි බවත්, ඒ තුළින් ඍජුවම කොස් ආහාරයට නොගන්නා පිරිසගේත් ආකර්ශනය ලබා ගැනීමට හැකිවන බවත් හෙතෙම පැවසීය.
අදාළ ආහාර වට්ටෝරුව ලබාගැනීමට අවශ්‍ය පිරිස් 034- 2261323 අංකය මගින් සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ මනෝජ් බුලත්කන්දගේ මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකි බවද සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කර සිටියේය.
එසේ නොමැති නම්, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය කනනවිල හොරණ යන ස්ථානයෙන් තොරතුරු ලබාගත හැකිය.

popular news
-
Kumar Thursday, 01 August 2019 09:59 PM
මොන අපරාධයක්ද California වෙ අපි කොස් රාත්තලකට ඇමෙරිකන් සත 50ක් ගෙවනව. කොස් ගෙඩියක් ඩොලර් 6ක් විතරවෙන. හොදට පැහුණ කොස් සොයා ගැනීම හරිම අපහසුයි. කලකට පසු ලඟදි හොදට ඉදුණ වරකා ගෙඩියක් නම් ලැබුන. ඉතින් ලංකාවේ පොල්කිරිත් ටින් වල අසුරනවා නම් පොලොස් ටින්වල අසුරන්නේ නැත්තේ මොකද. මෙහෙ පොලොස් ටින් එකක අවම මිල ඩොලර් එකකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

