සෞඛ්‍ය නීති රිති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරිම පිළිබදව කනගාටුවන බවත් සෞඛ්‍ය නීති රිති තවදුරටත් ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
සිමාවන් ලිහිල් කරගෙන යන විට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන තත්ත්වයක් දැකිය හැකි බවත් සිමාවන් ලිහිල් කළත් කරුණාකර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෑම අවස්ථාවකම මහ ජනතාවට ආයාචනා කරන බවද සඳහන් කළේය.
දෛනික ආසාදිතයින් තවමත් සැලකිය යුතු මට්ටමින් දිනකදි හමුවන බවත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් රටේ තත්ත්වය දැඩි අවදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.