කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (29) රැස්වීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත බව සඳහන්ය.
දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වනදා අලුයම 04.00 සිට ඉවත් කිරීමට පසුගියදා පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කරනු ලැබීය.
සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසු පළාත් අතර බස්රථ ධාවනය සහ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.