කොටුව පොලිස් ස්ථානාධිපතිගේ අත්සන සහිතව පෙරේදා (02දා) දිනැතිව කොළඹ ප්‍රදේශයේ හෝටල් කිහිපයක් වෙත යොමුකර එමෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වන ලිපිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ආරක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු එම ලිපියේ ඇතුළත්ව ඇති බවත් එම කරුනු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ අනුව එම ලිපිය පිළිබඳවත් එම ලිපිය යැවූ නිලධාරීන් පිළිබඳවත් යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීම සදහා එම ලිපිය යොමු කළේද යන කරුණු පිළිබඳවත් පොලිස් මූලස්ථානය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.