කොටි වලදැමූ රත්තරන් සොයා ආරක්ෂක අංශයෙන් කැනිමක්
මාන්කුලම් කනගරයාන්කුලම් ප්රදේශයේදී ඊයේ (15) දින යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදැමූ රත්තරන් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක අංශ විසින් කැනීමක් සිදු කරන ලදි.
මුලතිව් මාන්කුලම් ප්රදේශයේදී පසුගියදා රත්ත්රන් සෙවීමට ස්කෑනර් යන්ත්රයක් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම කැනීම කනගරයාන්කුලම් කැලෑබද ප්රදේශයකදී අධිකරණ නියෝගයකට අනුව සිදු කරන ලදි.
පොලීසිය හා පොලිස් විශේෂකාර්ය බලකාය, යුද හමුදාව මෙන්ම ග්රාමසේවක මහතාගේද සහභාගීත්වයෙන් මෙම කැනීම අඩි 10ක් ගැඹුරට පස්කපන යන්ත්රයක් ආධාරයෙන් සිදු කළද අදාළ ස්ථානයේ තිබි කිසිවක් හමු නොවූ බවට කනගරායන්කුලම් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ තොරතුරු මත ඉදිරියේදීද කැනීම් සිදු කිරීමට නියමිත බවටත් පරික්ෂණ සිදු කරන කනගරායන්කුලම් හා මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
