කොටකෙතන වරදකරුගෙන් අභියාචනයක්
රත්නපුර කොටකෙතන ප්රදේශයේ නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා වරදකරු බවට තීරණය කරමින් ඔහුට මරණීය දඬුවම නියම කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.
විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් මහාධිකරණ විනිසුරුවරයා ලබාදුන් නියෝගය ඉවත දමා ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.
ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා විසින් ඉදිරිපත් කොට ඇති මෙම අභියාචනයේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කොට ඇත.
ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් මත නීතීඥ නාමල් කරුණාරත්න මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ නියෝගය දෝෂ සහිත බව පෙත්සමේ සඳහන් කොට ඇත.
ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කොට විත්තිකරු නිදහස් කරන්නැයි පෙත්සමේ සඳහන් කොට ඇත.

popular news
-
[email protected] Monday, 04 November 2019 11:32 PM
හොඳයි වැඩේ. ඔක්කොම මිනීමරුවෝ නිදහස් වෙයි ලොකුම ලොකු නීතිඥයෙක් අල්ලපුවහම. මෙතන නීතිය වෙනස් කරන්න ඕනේ. මෙතන ලොකු වැරැද්දක් තියෙනවා. මිනිමරුමක්ට වරදකරු වෙලා මරණ දඬුවම නියම කරපු මිනිහෙක්ට අභියාචනයක් ඉදිරිපත් කරන්න නම් අඩු තරමේ අවුරුදු 45ක් වත් හිරේ සිටිය යුතුයි කියල නීතියක් ගේන්න ඕනේ. මේක මහා විහිළුවක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

