කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් නොර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය අසල පහත්බිම් වල පිහිටි නිවාස 30ක් පමණ ජලයෙන් යටවු බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
ඊයේ (30) දින රාත්‍රි 11 ට පමණ කෙසෙල්ගමුඔය අසල පිහිටි නිවාස වලට අඩි තුනක් පමණ කෙසෙල්ගමුඔයේ ජලය කාන්දු වු බවත්, පැය තුනකට පමණ පසු නිවාස වලට කාන්දු වු ජලය බැස ගිය බව එම නිවාස වල පදිංචිකරුවෝ කියා සිටියහ.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිමත් සමග නොර්වුඩ් පොලීසියේ නිලධාරින් විසින් ඔවුන් පදිංචි නිවාස වලින් ඉවත් කිරිමට පියවර ගත් අතර ගංවතුර පිටාර ගැලිමත් සමග පවුල් 30 කට අයත් සමාජිකයන් 125 දෙනෙකු පමණ අවතැන් වි සිටිහ.
ගංවතුර තත්ත්වය ඇති විම නිසා නොර්වුඩ් ග්‍රාමසේවා කාර්යාල ,සමෘද්ධි කාර්යාල ගං වතුරෙන් යටවි තිබු අතර , නිවාස වලට කාන්දු වු ජලය බැස යාමෙන් පසු නිවාස වල තැන්පත් වි තිබු රොන්මඩ ඉවත් කිරිම , ජලයෙන් විනාශ වු ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතු නිවාස හිමියන් විසින් සිදු කලහ.
කෙසෙල්ගමුඔය ආරම්භ වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට ඊයේ දින පස්වරුවේ සිට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩිවි පිටාර ගලා ඇති බවයි නොර්වුඩ් පොලීසිය කියා සිටියේ.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම වලකාලිමට පසුගියදා අපදා කළමණාකරණ ඒකකය මගින් විශාල මුදලක් වැය කර කෙසෙල්ගමුඔය පුළුල් කලද ඉන්ඵලක් වි නොමැති බව කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් අවතැන් වුවන් කියා සිටියහ.
නිවාස වලට ජලය කාන්දු විම නිසා සිදුවු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති අතර කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
අපදා තත්ත්වයෙන් අවතැන් වුවන්ට අවශ්‍ය පහසුකම් සැලසිමට ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය සහ නුවරඑළිය ආපදා කළමණාකරන ඒකකය කටයුතු කර ඇති අතර අවතැන් වුවන්ට පිසු ආහාර පිළියෙල කිරිමට නොර්වුඩ් පොලීසියේ නිලධාරින් සහ ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ නිලධාරින් සහයෝගය ලබා දි තිබුණි.

