කෙරවලපිටිය LNG බලාගාර ටෙන්ඩරය චීනයට
කෙරවලපිටියේදී ඉදිකිරීමට යෝජිත ද්‍රවකෘත වායු බලාගාරය (LNG) ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩි කොටස් ප්‍රමාණයක් ඇති ලාංකේය සමාගමක් වන ලක්ධනවි ඒ සඳහා අඩු ලංසුවක් ඉදිරිපත් කර තිබියදී මෙසේ ටෙන්ඩරය චීනයට ලබාදී ඇත.
මෙම ටෙන්ඩරය හරහා වසර 20 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට අහිමි වෙතැයි අපේක්ෂා කරන මුදල රුපියල් බිලියන 75ක පාඩුවක් සිදුවෙතැයි ගණන් බලා තිබේ.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම ටෙන්ඩරය චීනයට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

.
popular news
-
Sunil Wednesday, 13 February 2019 11:48 AM
රවී වැඩ පටන් ගනී.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

