කුළුබඩු වර්ග කිහිපයක ආනයනය සිමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිමේ හා දිරිමත් කිරිමේ අරමුණින් කුළුබඩු කිහිපයක ආනයනය සිමා කර ඇත.
ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් භාණ්ඩ කිහිපයක ආනයනය සීමා කිරිමට පියවර ගෙන ඇත.
ඒ අනුව ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු සහ කරාබු නැටි ආනයනය තහනම් කර ඇති අතර මුදල් පනතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝග අනුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන හා සුළු සැකසුම් කිරිමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරිමේ අරමුණින් සිදු කෙරෙන කුළුබඩු ආනයනය තහනම් වේ. දිස්ත්‍රික්ක 9ක පමණ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මින් ප්රතිලාභ හිමි වනු ඇත.

popular news
-
ranjith Saturday, 07 December 2019 08:37 AM
එත හොද තීරණයක් පසුගිය ආණ්ඩුව හිතුවේ ජාවාරම් කාරයෝ ගෙන විතරි ගොවියෝ එම වේද නිසා අනත උන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

