කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් එරටදී විවිධ හිරිහැරට ලක්වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි.
කුවේටයේ තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි කාන්තාවන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම පිරිස අතරින් වැඩි පිරිසක් ඔවුන්ගේ වියදමින් ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබුණ අතර , තවත් සුළු පිරිසකට ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී තිබුණි.