කුවේටයට යන ලාංකිකයන්ට වෛද්‍යවාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කෙරේ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10 කින් කුවේටයට පැමිණෙන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීමට පෙර ඔවුන් කෝවිඩ් 19 වෛරසයේ තොර බවට වන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
එසේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකරන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීම තහනම් කර තිබේ. මාර්තු 8 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.
තුර්කිය, අසර්බයිජානය, ජෝර්ජියාවට ඉන්දියාව, ඊජිප්තුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිරියාව සහ ලෙබනනය යන රටවලින් පැමිණෙන මගීන්ට මෙසේ වෛද්‍යවාර්තා ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබේ.
කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව මෙම රටවල් 10යේ ගුවන් මගීන් එම රටවල ස්ථාපිත කර ඇති කුවේට් තානාපති කාර්යාල විසින් අනුමත කරන ලද වෛද්‍ය මධ්‍යස්ථානවලින් COVID-19 පරීක්ෂණ සිදු කළ යුතු අතර ඒවා සහතික කළ යුතුය.
ඉරානය, ඉරාකය, චීනය, දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති සංචාරකයන්ට කුවේටයට ඇතුළුවීම දැනටමත් තහනම් කර තිබේ.
popular news
-
Dayan Wednesday, 04 March 2020 02:43 PM
මොකටද ලංකාවේ අය ක්වටේ යන්නේ. ලංකාවේ කොවිඩ් නැහැ. කුවේට් වල කොවිඩ් තියෙනවා. බෝකරගෙන එන්න යන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
