කුලියාපිටිය - කතරගම වෙඩි තැබීමක්
කුලියාපිටිය හා කතරගම සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
කුලියාපිටිය, ඇලපදෙණිය ප්රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියක ගමන්කළ පුද්ගලයෙකුට වෙඩා තබා ඇති අතර එහිදි තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (25දා) රාත්රී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. තුවාල ලබා ඇත්තේ අවුරුදු 31ක් වන ඇලපදෙණිය පදිංචි චන්දන නොහොත් බෙලෙක් සමන් නැමැත්තෙකි.
කතරගම, යාල රක්ෂිතයේ අංක 03 ප්රදේශයේදී මැණික් ගඟේ අණවසර මැණික් ගරමින් සිටි පුද්ගලයන් පිරිසක් හා අඩවි වන නිලධාරීන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී එක් පුද්ගලයෙකු වෙඩි වැඩී තුවාල ලබා තිබේ.
ඊයේ දහවල් සිදුවූ මෙම වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කතරගම, වල්ලිමාතාගම ප්රදේශයේ පදිංචි අවුරුදු 23ක් වන චානක අරවින්ද නැමැත්තෙකි. තුවාලකරු හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.
සිදුවීම් දෙක සම්බන්ධයෙන් කුලියාපිටිය හා කතරගම පොලීසි වැඩිදුර පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
