කුරුණෑගල වෛද්‍යවරයා ගැන සෙවීමට GMOA කමිටුවක්
වත්කම් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා, මවුවරුන් වඳභාවයට පත්කර තිබෙන බවට චෝදනා එල්ල වන බැවින් ප්‍රතිකාර ලබාගත් මවුවරුන් සුළු පරීක්ෂාවකට ලක්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් මවුවරුන්ගේ ලැයිස්තුවක් රෝහල සතුව තිබෙන බවත්, එම පිරිස සුළු වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමෙන් වඳභාවයට පත්කර තිබේද යන්න සොයාගත හැකි බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ වෛද්‍ය සාරංග කන්නංගර මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බවත්, එම කමිටුව විසින් ඒ පිළිබඳ සොයා බලන බවත් හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව පොලීසිය විසින් සිදු කරනු ලබන පරීක්ෂණයට පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, මවුවරුන් පරීක්ෂා කිරීමට තම සංගමයට නොහැකි බැවින් ඒ පිළිබඳ රජය තීරණයක් ගෙන ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
අනතුරුව වෛද්‍යවරුන්ට අදාළ පරීක්ෂා කිරීම සිදුකළ හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ සේවය කළ සෙයිගු සියාබදින් මොහොමඩ් සාෆි නමැති අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
ranjith Monday, 27 May 2019 03:11 AM
හොද මෙදිහත් වීමක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

