කුරුණෑගල විනාශ කළ ගොඩනැගිල්ල ඉපැරණි ගොඩනැගිල්ලක්
කුරුණෑගල මහ නගර සභාවේ මෙහෙයවීමෙන් හානි කර ඇති කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය බවට හඳුන්වන ගොඩනැගිල්ල ඉපැරැණි ගොඩනැගිල්ලක් බවට මූලික නිරීක්ෂණයේදීම හඳුනාගත හැකිවූ බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන හානියට පත් කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය නමින් හඳුන්වන ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට අද (17දා) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා මේ කරුණු සඳහන් කළේය.
මෙම ගොඩනැගිල්ල සිදුව ඇති හානිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන්දද සමග පැමිණ එහි හානිය නිරීක්ෂණය කළේය.
කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය ටී.ජී.කුලතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, සංස්කෘතික අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මහත්ම මහත්මීන්ද මෙම නිරීක්ෂණයට පැමිණ සිටියහ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම මෙම ඉපැරණි ගොඩනැගිල්ලට සිදු කර ඇති හානිය සම්බන්ධයෙන් කරුණු රැසක් සොයා බැලූ අතර මේ සම්බන්ධයෙන් වන අංග සම්පූර්ණ නිවැරැදි අපක්ෂපාති වාරතාවක් තම කණ්ඩායම හා එක්ව අග්‍රාමාත්‍යවරයා වෙත හැකි ඉක්මණින් ලබා දීමට බලාපොරොත්තු වන බවද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.




popular news
-
Demuni Uduwara Saturday, 18 July 2020 06:43 PM
Who ordered to demolish? Eventually the bulldozer will be the respondent!
Reply : 0 0
Champa Saturday, 18 July 2020 07:22 PM
දැනුයි එන්නේ බලන්න. ජූලි 6 ඉඳන් ජූලි 17 වෙනකම් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මොකොද කලේ? අගමැතිතුමා මොහුගෙන් වාර්තාවක් ඉල්ලන්න නෙමෙයි, රටේම අප්‍රසාදයට ලක් වෙච්ච මේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයාව ඉවත් කරන්නයි ඕනේ වහාම. ජූනි 28 අගමැතිතුමා විසින් කෞතුකාගාරයක් කරන්න කියලා උපදෙස් දුන්නු කුරුණෑගල මේ රාජ සභා මණ්ඩප පරිශ්‍රය ආරක්ෂා කරගන්න කිසිම පියවරක් නොගත්ත එකම ඇති, පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ව ගෙදර යවන්න. මිනිස්සු වුනත් හිතනවනේ තමන්ගේ ආසනේ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගන්න බැරි අගමැතිතුමා රටම ආරක්ෂා කරන්නේ කොහොමද කියල? ඒ හින්ද පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වයි, කුරුණෑගල පොහොට්ටුවේ නගරාධිපතිවයි දෙන්නවම ඉවත් කරලා ඉන්න ඕනේ පරීක්ෂණ පටන් ගන්න. ඉපැරණි ස්ථාන හොඳට තියෙනවට වඩා විනාශ වුනහමයි තොරතුරු හොයන්න ලේසි කියල ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් කරපු පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, එම තනතුර හොබවන්න තවදුරත් සුදුසුම නැහැ. දැන් හොඳට තියෙන අනිත් පෞරාණික ස්ථානත් විනාශ කරන්න පටන් ගනී. නෙද්දකින්. මේ උගත්තුද?
Reply : 0 6
Kumar Sunday, 26 July 2020 12:10 AM
How about carbon dating the bricks and the plaster.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

