කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
එම ගොඩනැගිල්ල පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයකි.
මෙහි කොටසක් ජූලි 14 වැනි දා රාත්‍රියේ කුරුණෑගල මහනගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.
එසේම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන්නැයි කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.
