කුරුණැගල නගරාධිපති ඇතුළු පහකගේ නඩු ගාස්තු නගර සභාවෙන්
කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් වන නඩු සඳහා අවශ්‍ය නඩු ගාස්තු නගර සභාවෙන් ලබාගැනීමට අදාළ යෝජනාවක් නගර සභාවේදී සම්මත වී තිබේ.
මෙම නඩු කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු එහි පස් දෙනෙකුට එරෙහිව පවතී.
කුරුණෑගල මහනගර සභාව අද (17) රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනා සම්මතර කරගෙන තිබේ. යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 13 දෙනෙක් සහයා දක්වා අති අතර තිදෙනෙකු විරුද්ධතාව ප්‍රකාශ කර තිබේ.
කුරුණෑගල නගර සභාවේ මුදලින් නඩු කටයුතු සඳහා රුපියල් 2,180,000ක මුදලක් මේ අනුව ගෙවීමට අදාළ යෝජනා සම්මත කරගෙන තිබේ.
popular news
-
Champa Wednesday, 19 August 2020 07:38 PM
සම්පූරණ වැරදි වැඩක්. මේ නඩු ගාස්තු ඔවුන් විසින් ගෙවිය යුතුයි. වරදිකරුවන්ගේ නඩු ගාස්තු ගෙවන්නෙත් මහජන මුදලින්. ඩෝසර් කරපු පුරාවිද්‍යා ගොඩනැගිල්ල නැවත ඉඳි කරන්නෙත් මහජන මුදල් වලින්. මොවුන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ. දැන් දේශපාලන සම්බන්ධකම් පාවිච්චි කරලා නගරාධිපති නිදැල්ලේ ඉන්නවා. ආණ්ඩුව වැඩ පටන් අරන් තියෙන්නේ 2010-2015 අවනීතිය රජ කල යුගයෙන්මයි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

