පවතින වර්ෂාපතනය හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු 01ක් අද (26) වනදා විට විවෘතව පවතීන බව කුකුළේ ගඟ ජලාශයේ ඉංජිනේරුවන් පවසයි.
එමගින් තත්ත්පරයට ඝන මීටර් 45m3/s ක් කුඩා ගඟට මුදා හැරෙන අතර විදුලි උත්පාදනයේදී පිටකරන ජල ධාරිතාවය තත්ත්පරයට ඝන මිටර් 48 m3/s ක් බවත් ඒ අනුව මේ වන විට කුකුළේ ගඟ ජලාශයෙන් කුඩා ගඟට මුදාහැරෙන මුළු ජල ධාරිතාවය තප්පරයට ඝන මීටර් 93m3/s ක් බව කුකුළේ ගඟ ජලාශය බාර ඉංජිනේරුවන් වැඩිදුරටත් ප්රකාශ කළේය.
කලවාන - උපේන්ද්ර ප්රියංකර ජාතුංගම
.