කීත් නොයාර් පැහැරගෙන යාමට සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රභලයෙක්
මාධ්‍යවේදි කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුව තුළ ප්රබලයෙකු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ කීති නොයාර් පැහැරගෙන ගොස් පහරදීමට සම්බන්ධ අය පෙන්නුම් කරන සාක්ෂි සියල්ල මඟහරිමින් එයද රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැර කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔවුන් අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් පහරදීමට සම්බන්ධ අය පෙන්නුම් කරන සාක්ෂි සියල්ල මඟහරිමින්, නොයාර් මහතාව බේරා ගැනීමට විවිධ පුද්ගලයන් අතර හුවමාරු වූවා යැයි කියන දුරකථන ඇමතුම් ගැන විමර්ශනය කරමින්, ඉතා වංක ආකාරයට අවධානය වෙනතකට යොමු කිරීමට පොලීසිය උත්සාහ දරමින් සිටින බවයි.
කීත් නොයාර් මහතා 2008 මැයි 11 වදා ලියූ ලිපියත්, එකල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා 2008 ජුලි 8 වන දා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් ඔස්සේ විමර්ශනය කරන මෙන් පොලීසියෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
කීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් ලබාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
popular news
-
Champa Sunday, 16 September 2018 04:33 PM
කීත් නොයාර් වේලාසනම කිව්වා එයාට පහර දීපු හමුදාවේ කිසි කෙනෙක් අඳුර ගන්න බැහැ කියලා. මට මතක නැහැ පස්සේ මං හිතන්නේ හමුදාවේ 06 (?) දෙනාට ඇප දුන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

