කිසි දිනක විපක්ෂයට යන්නේ නෑ - රංගෙ
කිසි දිනක විපක්ෂයට සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබංඩාර මහතා පැවසිය. ඊයේ (29දා) පස්වරුවේ අනුරාධපුරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතම මේ බව පැවසිය.
විපක්ෂයට එක්වීමට සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසිමේදි පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“ඒ ගොල්ලන්ට මොකක් හරි ඔළුවේ අමාරුවක් ඇති. එහෙම නැත්තම් එවැනි ප්‍රකාශ කරන්නේ නෑ’ අපේ නම් මං දන්න තරමින් එක්කෙනෙක් යන්නේ නෑ. මං කළකිරිලා ඉන්නවා කියන එකවත් වෙනස් වෙන්න ඔනේ කියන එකවත් හරවනවා කියන එකවත් නොවෙයි මා කිවේ. මට කිසි දෙයක් හරවන්න අවශ්‍ය නෑ.
කවුරුත් කළකිරිලා නෑ. විවිධ අදහස් තියෙන්න පුළුවන්.විවිධ අදහස් විවිධ ස්ථානවලින් ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් සියළු දෙනා මේ දිනා ගත් ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරිමට කටයුතු කරනවා.”
අනුරාධපුර බී.ජී.චතුරංග

popular news
-
Priyantha Monday, 31 December 2018 01:02 AM
දැන් අර පහුගිය දවස්වල නටපු වහල්ලුන්ට හොදටම සනීප ඇති නේද?
Reply : 0 122
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

