කිසිදු රජයක් නොකළ දෙයක් තමා කළ බව ජනපති කියයි
අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව, කෝට්ටපිටිය සෑගල මහා විද්‍යාලයේ නව බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (23දා) පෙරවරුවේ එක්වෙමිනි.
විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂික ව වෙන්කළ මුදල තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉහළ නැංවූ බවත් සියලු විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ද විශාල මුලක් වැය කළ බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය.
රටේ සමාජ, ආර්ථික ගැටලූ රැසකට විසඳුම් තිබෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහි කිරීම මඟින් බවද ජනපතිවරයා මෙහිදී පැවැසීය.

popular news
-
anon69 Monday, 23 September 2019 08:35 PM
ඔයාද? රනිල් ද?
Reply : 0 0
bandara Monday, 23 September 2019 10:23 PM
තම ගොඩක් දේවල් ඔබතුමා කලා - පසුගිය රජයේ හොරු ඇල්ලීම - කුඩු කාරයින් එල්ලුම්ගස් යැවීම - විල්පත්තු කලේ කපපු යට දඬුවම් දීම - කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රති අපනයනය නතර කිරීම - ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අක්‍රමිකතා සොයා පිළියම් යෙදීම - පාස්කු ඉරිදා ප්‍රහාරයේ චුදිතයින්ට දඬුවම් දීම තව කොච්චර කරලද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

