ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගයන් වෙත ඉහළ මට්ටමේ ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසීමට කිලෝ මීට් 100000ක විකල්ප මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.
ලකුණු දීමේ ක්‍රමවේදයක් යටතේ නිර්ණායක කිහිපයක් සලකා බලමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහිදී,
පසුගිය වසර 10 තුළ කිසිඳු ප්රතිසංස්කරණයක් සිදුකර නොමැතිවීම,
මාර්ගය ප්‍රයෝජනයට ගන්නා පවුල් සංඛ්‍යාව,
මාර්ගය භාවිත කරමින් අධ්‍යාපන, වෛද්‍ය, වෙළඳපොළ වැනි පහසුකම් සඳහා ප්‍රවේශ වීම වැනි නිර්ණායක සලකා බැලීමට නියමිතය.
පළාත් සභාවල සහභාගිත්වය ඇතිව යෝජිත සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිසත්, විදේශ අරමුදල් යටතේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රයාත්මක ව්‍යාපෘතීන්වල හඳුහාගනු ලබන ඇතැම් සංරචකයන්ද යෝජිත වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමටත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.