කිලිනොච්චි මණ්ඩපයේ අමානුෂික ලෙස නවක වදය දෙයි
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ජ්‍යේෂ්ඨ සිසුන් සියලු දෙනාටම එම මණ්ඩප භූමිය අද (10දා) සිට තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලන අංශය විසින් පියවර ගෙන ඇත.
නවක සිසුන්ට අමානුෂික නවක වදය ලබා දීමේ චෝදනාව හේතුවෙන් මෙසේ ඔවුන්ට මණ්ඩපයට පැමිණීම තහනම් කර තිබේ.
කිලිනොච්චිය මණ්ඩපයේ ජ්‍යේෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සිදු කොට එවා ජංගම දුරකතන ඔස්සේ පටිගත කොට ජ්‍යේෂ්ඨ සිසුන්ට ලැබීමට සලස්සවන ලෙසට බලපෑම් කොට අමානුෂිකව නවකවදය ලබා දීම හේතුවෙන් අදළෙ සිදුවීම් පිළිබඳව අරඹා ඇති පරික්ෂණ කටයුතු අවසන් වන තුරුම මෙම තහනම පනවා ඇත.
මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල පරිපාලන අංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් මේ වන විටත් පරික්ෂණ ආරම්භ කොට ඇති අතර නවක වදය ලබා දුන් සිසුන් පිරිසක් මේ වන විටත් හඳුනාගෙනද තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

