කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා TID යෙන් අත්අඩංගුවට
කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (18) රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය සිවරූබන් මහතා ඊයේ (18) දින රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් අනතුරුව වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව යාපනයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇති අතර මේ වන විට අදාළ වෛද්‍ය වරයාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියි.
අත්අඩංගුවට පත් පලෙයි රෝහලේ වෛද්‍යවරයා යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි වන අතර ප්‍රධාන වෛද්‍යවරයාගේ සිදු කරන ලද මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

