කිරි පැකට් පානය කළ පාසල් සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කරයි
පාසලෙන් ලබා දුන් කිරි පැකට් පානය කිරිමෙන් පසුව අද (25) වාරියපොළ හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇත.
උදරයේ වේදනාව හා වමනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ නමුත් කිසිවෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම විද්‍යාලයේ සිසුන් 300 ක් පමණ දෙනාට අද දිනයේදී කිරි පැකට් ලබාදී තිබුණද 5 වසර පන්තියේ සිසුන්ට පමණක් මෙසේ රෝගී ලක්ෂණ මතුව තිබේ.

popular news
-
Kumar Thursday, 25 July 2019 09:52 PM
කිරිවල වරදකින් සිදුවෙන දෙයක් නොවෙ. වසර ගණනක් කිරිනොබි සිට නැවත කිරි බොනකොට ඇතිවන දෙයක්. ඒ දරුවන්ට කිරිනොබි ඉන්න එක හොද. ළමයින්ට පමණක් නොවෙ වැඩිහිටියන්ටත් මෙය සිදුවෙනවා. මෙරටේ කියන්නෙ lactose intolerance කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

