කිරි පැකට් නිසා ඇතිවූ රෝග තවමත් සුව වී නෑ
ජනබලය උද්ඝෝෂණයේදී වසමිශ්ර කිරිපැකට්ටුවක් පානය කිරීම නිසා තමාගේ ජීර්ණ පද්ධතියේ හටගත් රෝගාබාධය තවම සුවවී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12දා) පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
උද්ඝෝෂණය පැවතියදා කිරිපැකට් පෙට්ටියක් ගෙනවිත් තැබූ පසුව තමාගේ රියදුරා ඉන් කිරිපැකට්ටුවක් ලබාදුන් බවත්, එය පානය කිරීමෙන් පසුව දැඩි අපහසුවක් දැනුණු බවත් පැවසූ මන්ත්‍රීවරයා අනතුරුව දින තුනක් තිස්සේ ප්‍රතිකාර ගැනීමට සිදු වූ බවද කියා සිටියේය.
එම කිරිපැකට්වල කුමන විසක් අඩංගු වූයේ දැයි තමා නොදන්නා බවත්, තමාගේ රියදුරා ලබාගත් කිරිපැකට් දෙකක් ඝනවී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කිරිපැකට් බෙදා හල වාහන තුනක අංක සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පොලීසියට පැමිණිලි කර තිබුණද එම වාහන , රියදුරන්,එම කිරිපැකට් ප්‍රවාහනය කිරීමට නියෝග දුන් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් තවම නිදැල්ලේ සිටින බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
rocky Wednesday, 12 September 2018 04:42 PM
ඇයි හත් දෙයියනේ! කසිප්පු වලට උඩින් අමු කිරි බිවුවාම බඩ යන්නේ නැතුව තියේවිද? වැඩේ වර්චස් වලින් හමාරවුනා ඇති. මොනවදෝ දාලා තිබුන කියන කතාව පිලි ගන්න අමාරුයි.
Reply : 0 0
dayan Wednesday, 12 September 2018 04:43 PM
මෝඩ කම. කවුරුවත් දුන්න කිරි පකෙට් බොන්නේ මෝඩයෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

