කෑලෑ පාර්ලිමේන්තුවකට කිසිසේත් ඉඩ දෙන්නෑ -කෙහෙළිය
පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ තුට්ටුවකට මායිම් නොකර කථානායකවරයා එජාපය හා සුමන්තිරන් ප්රමුඛ දෙමළ සන්ධානයේ අවශ්‍යතාව මත පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවත් ඔහුගේ පක්ෂපාති තීන්දු තීරණ වලට එරෙහිව දැන් රටේ ජනතාව තුළද දැඩි අප්‍රසාදයක් මතුව තිබෙන බවත් කැලෑ පාර්ලිමේන්තුවකට කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
කථානායකවරයාගේ පක්ෂග්රාහී තීන්දු තීරණ වලට එරෙහිව මහනුවර පූජාපිටිය නගරයේ පැවැති විරෝධතාවයේදි ඔහු මෙ බව පැවසීය.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරමින් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනවිත් ශබ්දය අනුව එය සම්මත කර ගැනීම එජාප අරමුණ බවත් ජනපති ගත් තීරණයෙන් එය වැලකී ගිය බවද ඒ මහතා සදහන් කළේය.
කථානායකවරයා පාර්ලිමේන්තුවේ ඒකාධිපති අයුරින් ක්‍රියා කරන බවත් පාර්ලිමේන්තු සැසි වාරයක් ආරම්භ කරන ක්‍රමවේදයක් සහ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරෙන සම්ප්රදායක් පවතින බවත් ඉන් පරිභාහිරව කරන්නේ නම් ඊට එරෙහිව මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් අනිවාර්යයෙන්ම එල්ලවන බවද පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටීන් උල්ලංඝනය කරමින් චෞර ආකාරයට කථානායකවරයා අද ක්‍රියාකරමින් සිටින බවද රඹුක්වැල්ල මහතා එහිදි සදහන් කළේය.
පාර්ලිමේන්තුව තුළ ඇතිවූ තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු වන්නේ කථානායකවරයා බවත් පසුගිය 26 වැනි දින ජනපතිවරයා අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කළේ ව්‍යවස්ථාවට අනුකූලව බවද ඒ මහතා පැවසුවේය.

popular news
-
rocky Thursday, 22 November 2018 06:50 AM
හොර ආණ්ඩුවක් අපි පිලි ගන්නෙත් නැහැ!
Reply : 11 0
sinhayoth balu wena Thursday, 22 November 2018 07:14 AM
එක තම බොල හැමෝම කියන්නේ . පස්ස දොරෙන් කෙනෙක් අගමැති උනාම එයට කියන්නේ හොර අගමැති කියල, ඒ ආණ්ඩුවට කියන්නේ හොර ආණ්ඩුව කියල එතකොට කෑලෑ නිතිය ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව කල පාර්ලිමේන්තුව
Reply : 20 2
Champa Thursday, 22 November 2018 08:27 AM
මහින්දව පත් කලාට රනිල්ව අස් කලේ නීත්‍යානුකූලව නෙමෙයි. මෙතන ප්‍රශ්නේ රනිල් මහින්දද වෙන මිනිහෙක්ද කියන එක නෙමෙයි. මේ පාර්ලිමේන්තුව 2015 අවුරුදු 5 ට පත් කලේ මේ රටේම ඉන්න ජන කොට්ඨාශයක්. අපේ විරුද්ධ වාදීන් වුනත් මේ පාර්ලිමේන්තුවට ජන වරමක් ලැබිල තිබුන. ඒ ජනවරමට විරුද්ධව කවුරුවත් චන්ද පෙත්සම් දාල තිබුනේ නැහැ. ඒ කියන්නේ ඒ චන්දෙ පිලි අරන් තිබුන. මේ විදියේ හඳපානේ පත් කිරීම් කරන්න පුළුවන් නම් චන්ද තියන් එකෙන් වැඩක් නැහැ. මිනිස්සු චන්ද දෙන එකනුත් වැඩක් නැහැ. මේ කරපු වැඩේ තනිකරම මිනිස්සුන්ට තමන් කැමති පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් කිරීමට තියෙන පුද්ගල නිදහස මංකොල්ල කෑමක්. ජනතාවගේ චන්ද අයිතිය මංකොල්ල කෑමක්. ජනාධිපතිවරනෙකට හරියටම මාස 11ක් වගේ තියෙනව. ඒ වුනාට ඖව්රුදු 4 පිරුණම චන්දයක් තියන්න පුළුවන්. පාර්ලිමේන්තු චන්දෙකුයි ජනමත විචාරනයකුයි ඉල්ලන මිනිස්සු ඇයි ජනාධිපතිට කියන්නේ නැත්තේ ජනාධිපතිවරණයකට යන්න කියලා. ඉස්සර ඔහොම කියා කියා නේද හිටියේ? දැන් මස් කටු ටිකක් වීසි කරපු ගමන් ඒ කතාව නැවතුන. මේ දුන්නේ සම්පූර්ණ වැරදි පූර්වාදර්ශයක්. මීට පස්සේ හැමදාම අගමැතිවරු පත් වෙයි කුමන්ත්‍රණ වලින් සහ deal වලින් විතරක්.
Reply : 0 0
Chandra Thursday, 22 November 2018 01:52 PM
ට්රස්ත්වාදී අල්ලාගත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

