මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරයි. මෙවර වාර්තාගත වැඩිම අපේක්ෂක පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බැවින් ඇතිවිය හැකි තත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බව කැෆේ සංවිධානය පවසයි.
කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ සෑම මැතිවරණයකම නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ප්රචණ්ඩ ක්රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වීම් සිදුව ඇති බවයි. මේ නිසා මෙවර මැතිවරණයේදී තම ආධාරකරුවන් නිසි පරිදි මෙහෙයවා ගැනීමට අපේක්ෂකයින් ඇතුළු පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව ඒ් මහතාගේ අදහසයි.
මෙවර ජනපතිවරණයේදී රාජ්ය දේපළ අවභාවිතය ආදී සිදුවීම් වැඩි වශයෙන් අපේක්ෂා කළ හැකි බවද ඔහු පැවැසීය.