තාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ලබන 06 වනදා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ පසුගිය 31 පෙරවරුවේ සිට යළි දැනුම් දෙන තුරු වසා දැමුණි.
ඒ අනුව ලබන 6වනදා සිට සියලු පිඨ විවෘත වනු ඇත.
