නොර්වුඩ් ප්රදේශයට ඊයේ (05) දින පස්වරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක් වන නොර්වුඩ් වත්ත ප්රදේශයෙන් මෙසේ නාය ගොස් ඇත.
නායයෑමත් සමග විශාල පස් කන්දක් ජලාශයට නායගොස් ඇති අතර , තවත් එවැනිම රක්ෂිතයේ කොටසක් නායයෑමේ අවධානමට ලක් වි තිබේ.
ඊයේ පස්වරුවේ නොර්වුඩ් ප්රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග නොර්වුඩ් තේ වත්තේ සිට ජලාශයට විශාල ජල පහරක් ජලාශයට ගලා බැසි ඇති අතර එම ස්ථානයෙනුයි මෙසේ නාය ගොස් ඇත්තේ.
පසුගිය දින කිහිපය තුළ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇත.
