කාශ්‍යප හිමියෝ උපවාසය අත්හරිති
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට යෝජිත ගිවිසුමට එරෙහිව උපවාසයක් ආරම්භ කර තිබූ උඩුදුම්බර කාශ්‍යප හිමියන් එම උපවාසය අවසන් කර තිබේ.
එම ගිවිසුම ජතිවරණයට පෙර අත්සන් නොකරන බවටත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනපති අපේක්ෂකවරුන් වන සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ලිපි මගින් දැනුම් දීමත් සමගින් උන්වහන්සේ උපවාසය අත්හැරීමට තීරණය කර තිබේ.
කොළඹ නිදහස්එ චතුරස්රයේදී උන්වහන්සේ මෙම උපවාසය ඊයේ පෙරවරුවේ ආරම්භ කළහ.



popular news
-
කල්පනා Wednesday, 06 November 2019 08:15 AM
මෙම ලිපිදෙකේ භාෂාව ගැන බලනවිට ඉතාම ගෞරවයෙන් හාමුදුරුවන් අමතා ඇත්තේ කවුද කියා බලනවානම් මෙම ලිපි ඉදිරිපත්කල දෙදෙනාගෙන් කවුරු දිනුවත් ඔහු ජනතාව ගැන බලන්නේද එම තත්වයෙන්ම බව සිතාගත හැකිය
Reply : 0 0
Dayan Wednesday, 06 November 2019 09:25 AM
ගරු කටයුතු උන්වන්සේගේ උපවාසය අත්හැරීම සතුටට හේතු වෙනවා. කෙසේ වෙතත් කවුරුන් බලයට ආවත් මේ වැනි ගිවිසුම් වලට යාම නම් අත්‍යවශ්‍ය වෙනවා. ලොකු නය කන්දක් ගෙවන්න තියෙනවා.අපිට කොහෙද අදායමක් ඒවා ගෙවන්න. ලියුම් දුන්නට මේවට සල්ලි හොයන හැටි කවුරුත් කියන්නේ නැහැ. ප්‍රදාන අපේක්ෂකයෝ දෙන්නම නත්තල් පප්පල වගේ දෙන දේවල් තමය් කියන්නේ. මෝඩ වෙන්න හොඳ නැහැ. අපි බුද්ධියෙන් කටයුතු කල යුථුඉ.
Reply : 0 0
dilal Wednesday, 06 November 2019 11:04 AM
උපවාසය අතහරියට කමක් නැහැ.නමුත් ඔබවහන්සේ අර එක එක සුත්තර වලින් කොටස් අරගෙන ධර්මය පැහැදිලිකරනවා වගේ ඔය ගිවිසුමේ රටට අහිතකර වගන්ති ජනතාවට පැහැදිලිකරදෙන්න මාද්‍ය හමුවක් කැඳවා අපේ හාමුදුරුවනේ.විරවන්සල කියන ඒවා පැහැදිලි නැහැ.
Reply : 0 0
Champa Wednesday, 06 November 2019 01:16 PM
බැලූ බැල්මටම මේ ලියුම් දෙකේ බරපතල වෙනසක් පේනවා. එක ලියුමක කෙලින්ම කියනවා MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. අනිත් ලියුමේ එහෙම කෙලින් කියන්නේ නැහැ. අඩු ගානේ ගිවිසුමේ නමවත් නැහැ. කියන්නේ සමාලෝචනය කරනවා කියල. ඒකත් කියන්නේ ජනාධිපතිවරණය නියම කල දිනයේ සිට මැතිවරණය දක්වා කල ගිවිසුම් කියල. ඒ කියන්නේ ACSA එක අහෝසි කරන්න කිසිම අදහසක් නැහැ. වෙන විදිහකින් කියනව නම් MCC, SOFA, VFA ගිවිසුම් ගැන නැවත සාකච්චා කළා කියල ඒව හොර රහසේ හෝ එළිපිට අත්සන් කරන්න ඉඩකඩ තියාගෙන තම්යි මේ පොරොන්දුව දීල තියෙන්නේ. වහල් ආණ්ඩුව ගෙදර යවල ඊට අන්ත වහල් පාලනයක් ඇති වෙන බවට පැහැදිලි ලකුණු මේ ලියුමේ තියෙනව. දැන් මටත් තේරෙන්නේ නැහැ මේකට මොකොද කරන්නේ කියල. මිනිස්සු යහපාලනයට අන්තිම විරුද්ධයි. හැබැයි ඒ වෙනුවට මහින්ද දීල තියෙන විකල්පය කොන්දක් නැති, එක වචනයක් නැති, රටේ අනාගතය, ස්වෛරීභාවය සහ පැවැත්ම ගැන සෘජු පොරොන්දුවක් දෙන්න බැරි මිනිහෙක්. තනිකර ජනතාව රැවටීමක් සහ පාවා දීමක්නේ මේක. විමල්ගෙත් කටේ පිට්ටු. මේ ගිවිසුම් වලට විරුද්ධව කැහගහපු හාමුදුරුවොත් නිහඬයි. ඔච්චර බයද? මහින්ද ඔහොම කරා නම් බලන්න තිබ්බ මේ කටවල් ඇරෙන හැටි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

