කාලගුණික විපර්යාස පිළිබඳ අයහපත් රටවල් අතර ලංකාව 4ට
කාලගුණික, දේශගුණික විපර්යාස පිළිබඳ පවතින අයහපත් තත්ත්වයන්වලදී ලොව රටවල් අතර 04 වන ස්ථානයට වර්තමානය වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව නවතම වාර්තා මගින් පෙන්වා දී තිබෙන බවත් මීට වසර 50 කට පෙර එම වාර්තා තුළ 97 වන ස්ථානයේ ශ්‍රී ලංකාව සිටි බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව අද මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ විවිධ ජාවාරම්කරුවන් රට තුළ සිදුකරන දැවැන්ත පරිසර විනාශය හේතුවෙන් බවත් මහපොළව කාන්තාරයක් බවට පත්ව හෙට උපදින දරු පරපුරට ජල බිඳක් සොයායාමට සිදුවන එම ඛේදනීය ඉරණම පිළිබඳ පරිසර විනාශයන්ට දායකවන සියලුදෙනා වගකිව යුතු බව ඔහු පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (24දා) පොල්පිතිගමදි එක්වෙමිනි.
popular news
-
Champa Friday, 24 August 2018 09:18 PM
ලංකාවට ආපු ලොකුම කාලගුණ විපර්යාසය වුනේ 2015 ජනවාරි 8. මුළු ලංකාවම කුණාටුවකට අහු වුන. පෙරදිග ධාන්යගාරයට ගුල්ලෝ ගැහුවා. වී බිස්ස හිස් වුනා. රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඉවක් බවක් නැතුව ගස් කපා දැම්ම. මිනිස්සුන්ගේ ගුණවත්කම් වටිනාකම් නාය ගියා. මව්වරු ප්‍රසිද්ධයේ තමන්ගේ දරුවන්ගේ ඇස් ඉදිරිපිටම ගෙදරම ඉඳන් ගණිකා වෘත්තියේ යෙදුන. මිනීමරන්නත් පටන් ගත්ත. පිරිමි තමන්ගේම කිරි දරුවෝ ලිංගික භාණ්ඩ විදියට දකින්න පටන් ගත්ත. අන්තිම සුලිය එන්නේ මිනිහෙක්ව ප්‍රසිද්ධියේ එල්ලුව දවසට. මේ විපරීත කලාගුණය ඉවර වෙන්නේ ඊලඟ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආවම.
Reply : 160 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
