විදෙස් රටවලින් කාබනික පොහොර මෙරටට ගෙන්විමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එය රසායනික පොහොර ගෙන්විමට වඩා භායානක තත්ත්වයක් බව පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියන් පවසති.
යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ කාබනික පොහොර මෙරට ගොවීන්ට නිෂ්පාදනය කිරිමට හැකි අතර ඒ සඳහා තාක්ෂණික දැනුම සහ මුල්‍යාධාර ලබාදිය යුතු බවයි.