කෙත්හේන ජලපවිත්‍රාගාරයට ලබාදෙන විදුලිය අත්හිටුවීමට නිසා අනිද්දා (09දා) දින උදෑසන 8.00 සිට පැය 12ක කාලයක් ප්‍රදේශ දහසයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ) කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලම්නාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගානගරය, බෙන්තොට යන ප්‍ර‘දේශවල ජල සැපයුම් අත්හිටවයි.
එබැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, විදුලි බලමණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු නිසා කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි සැපයුම මෙම කාලය තුළ අත්හිටුවන නිසා ජල සැපයුම් නවතා දැමීමට සිදුව තිබෙන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.