කළුතර, වස්කඩුව ලංගම හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තවත් 52ක් තුවාල ලබා තිබේ.
ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර කාන්තාවන් 03ක් හා පිරිමි පුද්ගලයන් 03ක් වෙයි. තුවාල ලැබූවන් අතර පිරිමි 43ක් හා කාන්තාවන් 08ක් හා කුඩා දරුවෙකු සිටියි.
