කසිප්පු ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ ලක්ෂ 266ක දේපළ ක්රියා විරහිත කරයි
නීති විරෝධී මත්පැන් විකිණීම හා හෙරොයින් ජාවාරම සිදු කරන ලද සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශන අනුව ඔවුන් මුදල් විශුද්ධිකරන පනත යටතට ගැනෙන වැරදි සිදු කර ඇති බවට අනාවරණය වීමෙන් පසු ඊයේ (11දා) දහවල් කාලයේදී ජාඇල පොලිස් වසමේ ඒකල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 හා 63 යන වයස්වල පසුවන ජාඇල ඒකල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම හා හෙරොයින් ජාවාරම තුලින් උපයා ගත් දේපල වන රුපියල් 23,500,000/-(ලක්ෂ දෙසිය තිස් පහක්) වටිනා වෑන් රථයක් හා කාර් රථයක්ද, රුපියල් 1,200,000/- (ලක්ෂ දොලහක්) වටිනා ත්රීරෝද රථයක් හා රුපියල් 1,900,000/- (ලක්ෂ දහනවයක්) වටිනා ඉඩමක්ද ක්රියා විරහිත කිරීමේ නියෝග ලබා ඇත.



නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

