කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.
එසේම මෙම බහාලුම් ප්‍රතිඅපනයනය කිරීමේදී අධිකරණයෙන් අනුමැතිය ලබාගත යුතු බවත් විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම් විභාගය නැවතත් සැප්තැම්බර් මස 20 වන දා සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම අතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි
