කොවිඩ්-19 නීති කඩ කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය පවුම් 10,000ක් (ඇ.ඩොලර් 13,000ක්) දක්වා දඩ මුදලක් නියම කර තිබේ.
නව කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ස්වයං-හුදකලා වීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දැඩි රෙගුලාසා එක්සත් රාජධානිය ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව මේ යටතේ බ්‍රිතාන්‍ය පවුම් 10,000ක් (ඇ.ඩොලර් 13,000) දක්වා දඩයකට යටත් විය හැකිය.
අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ සැප්තැම්බර් 28දා සිට එක්සත් රාජධානියේ ජනතාව වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළහොත් හෝ ජාතික සෞඛ්‍ය සේවාවේ ආසාදිතයන් හඳුනා ගැනීමේ වැඩසටහනට පැවසුවහොත් ස්වයං හුදෙකලා වීමට ඔවුන් නීත්‍යානුකූලව බැඳී සිටින බවය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_87d4f3ef29.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2912b02663.jpg)