කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 714ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට මෙරට කොවිඩ් මරණ 11699ක් අතර කරන ලද සමීක්ෂණයකින් අණාවරණය වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය ප්‍රකාශ කළේ වයස්ගතවීම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආබාධ හා ඇඳුම මෙන්ම අධික ස්ථූලතාව යන රෝග මේ සඳහා හේතු වි ඇති බවයි.
ඒ අනුව එන්නත් දෙකම ලබාගත් පමණින් පූර්ණ ආරක්ෂාවක් සිදුනොවන බැවින් සංචරණ සිමා ඉවත් කිරීමේ නිදහස අයථා ලෙස භුක්ති නොවිඳින ලෙසත් ඇය පවසයි.
වසංගත රෝග විද්‍යා අංශය පසුගිය සැප්තැම්බර් මාසයේදි මෙම සමික්ෂණය සිදුකර තිබේ.
