කලවාන සමූපකාර ඡන්දයේ ජය ඒකාබද්ධ විපක්ෂයට.
කලවාන සමුපකාර නිලවරණයේදී ජාතික ජනබලවේගය පරදා බහුතර බලය අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය අද (25) වැනිදා සමත්විය.
කලවාන විවිධ සේවා සමූකාර සමිතිය වෙත අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකු තෝරා පත් කර ගැනීම සදහා අද දින මහ සභාව කැදවා තිබු අතර එහිදි අධ්යක්ෂ මණ්ඩලය සදහා නාම යෝජනා 14 ක් ඉදිරිපත් විය. ඒ ඒකාබද්ධ විපක්ෂයෙන් හත් දෙනෙකු හා ජාතික ජන බල වේගයෙන් හත් දෙනෙකු බැගිනි. ඒ අනුව ඡන්ද විමසීමක් සිදු කල අතර එහිදි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් වූ හත් දෙනා වැඩි මනාප ලබා ගනිමින් අධ්යක්ෂ මණ්ඩයට තේරි පත්විය.
මෙම ඡන්ද විමසීමේ දී මහාසභා නියෝජිතයින් එකසිය අට දෙනෙකු ඡන්ද ප්රකාශ කිරිමට සිදුසුකම් ලබා සිටි අතර ඡන්ද ප්රකාශ කිරිම සදහා අද දින පැමිණ සිටියේ නියෝජිතයකු පමණි . මහ සභා නියෝජිතයින් 100 දෙනෙකුගෙන් ඡන්ද ප්රකාශ කෙරුණු අතර එහිදි ඒකාබද්ධව විපක්ෂයෙන් ඉදිරිපත් වු හත් දෙනාම අධ්යක්ෂ මණ්ඩලය වෙත තේරී පත්විය.
කලවාන උපේන්ද්ර ප්රියංකර ජාතුංගම සහා අයගම ඩබ්ලිව් ඒ සේනාරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
