කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට
ජාත්‍යන්තර ප්‍රමිතියෙන්, නවීන පහසුකම්වලින් යුක්තව ඉදි වූ රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණයසෞඛ්ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 740ක් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 710ක් වශයෙන් ඉතිහාසයේ මෙතෙක් වෙන් කළ වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව මෙහිදී පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා 2019 වසරේදී රුපියල් මිලියන 1,300ක මූලික ඇස්තමේන්තුවකින් ආරම්භ කළ ගාල්ල ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය අවසානයේ රුපියල් මිලියන 2,808ක වියදමින් නිම කිරීමට සිදු වූ බව ද පැවසීය.
මීට අමතරව ගාල්ල ජාතික රෝහලේ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා රුපියල් මිලියන 8,500ක් (කෝටි 850ක්) වැය කෙරෙන බවත්, සබරගමුව, බදුල්ල සහ කළුතර යන වෛද්‍ය පීඨවල ද නව මහාචාර්ය ඒකක ආරම්භ කරන බව ද පැවසීය.
රෝහල් සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ (MRI, Linac යන්ත්‍ර ඇතුළුව) මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 21.5ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව ද අතරමග නතර වී තිබූ සියලුම රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම් 2028 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම මහාචාර්ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීම මෙරට වෛද්‍ය අධ්‍යාපනය, සායනික පුහුණුව සහ සෞඛ්‍ය සේවා සැපයීමේ ප්රගමනය සනිටුහන් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතිය, රටේ අනාගත සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා සිදුකරන ලද දැවැන්ත ආයෝජනයකි.
මහල් දහයකින් සමන්විත මෙම නවීන වාට්ටු සංකීර්ණය තුළ වෛද්‍ය, ශල්‍ය, මනෝචිකිත්සක සහ විශේෂිත නාරිවේද වාට්ටු සඳහා වෙන් කළ ඇඳන් 300ක ධාරිතාවක්, ඇඳන් 8කින් යුත් දැඩි සත්කාර ඒකකයක් (ICU), නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 3ක්, බාහිර රෝගී සායන කාමර 8ක් සහ විශේෂිත සායනික විභාග ශාලාවක් ඇතුළත් වේ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා 2017 වසරෙන් පසු සිදු නොකළ සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල සමාලෝචනය (Cadre Review) සිදු කර ඇති අතර, ඉදිරි වසර තුන සඳහා වෛද්‍යවරුන් 7,000ක පමණ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද පැවසීය.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,472කට පත්වීම් ලබා දීමට නියමිතව ඇති නමුත්, පවතින අධිකරණ ක්‍රියාමාර්ගයක් අවසන් වූ වහාම ඔවුන් ඇතුළු 2,000කට ආසන්න පිරිසකට කඩිනමින් පත්වීම් ලබාදීමට හැකිවනූ ඇති බව ද එමෙන්ම හෙද නිලධාරීන් 3,000කට සහ උපාධිධාරීන් 500කට ද නව පත්වීම් ලබා දීමට කටයුතු යොදා ඇති බව ද පැවසීය.
මෙරට දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 11කම වෛද්‍ය පීඨ වන බවත්, මෙම වෛද්‍ය පීඨ 12 තුළ 12,000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබන බව පැවසු අමාත්‍යවරයා වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, පරිපාලන වෛද්‍යවරු සිටින මුළු ප්‍රමාණය 25,000ක් පමණ වන බවත් 25,000ක් සේවයේ නිරත වන තැනක 12,000ක් ඉගෙනුම ලබමින් සිටීම ප්‍රතිශතාත්මකව ටිකක් සැලකිය යුතු තත්ත්වයක් බව ද පැවසීය.
ගාල්ල ජාතික රෝහලේ ධාරිතාව තවදුරටත් වර්ධනය කරමින් ජනතාවට ඉහළ මට්ටමේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීම ප්‍රධාන අරමුණකි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
