කොරෝනා මරණ 723ක් වෙයි සුවවූවන් 2050 දක්වා වැඩිවෙයි
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (07දා) දිනය අවසන් වනවිට මියගිය සංඛ්‍යාව 723ක් දක්වා වාර්තා වුවත්, ඉන් සුවය ලැබූ සංඛ්‍යාවද 2,050 දක්වා වර්ධනය වී තිබේ.
එහිදී මියගිය පිරිසෙන් 721ක්ම චීනයෙන් වාර්තා වන අතර, තව දෙදෙනෙකු පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.
මේ අතර, වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 35,000කට ආසන්න වෙමින්, චීනයේ පමණක් 34,546ක් වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙයි.
මියගිය පිරිස පෙරේදා දිනයේ වාර්තා වූ 638ක අගයේ සිට ඊයේ දිනය තුළ පමණක් මරණ 85ක් වාර්තා වන අතර, ආසාදිතයන් සංඛ්‍යාවද ඊයේ දිනය තුළ 3,400ක් පමණ දක්වා වර්ධනය වී තිබේ.

popular news
-
Kumar Saturday, 08 February 2020 07:55 AM
කොරෝනා වෛරසය කෙනෙකුට බෝවෙන්න ඇත්තේ කැබැල්ලාවෙකුගෙන් බවයි මෙරට බලධාරීන් සිතන්නෙ. ලංකාවෙත් සමහර අය කැබැල්ලාවෝ කනවා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

