මධ්‍යම චීනයේ, හුබෙයි පළාතේ, වුහාන් නගරයේ නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට චීනයට අවශ්‍ය ඕනෑම උදව්වක් ලබාදීමට තමන් සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
ඔහු එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුටත් පවසන්නේ එක්සත් ජනපදය මේ වනවිට චීනය සමග ඉතා සමීප සන්නිවේදනයක් පවත්වමින් සිටින බවයි.
මේ අතර හුබෙයි පළාතේ වුහාන් නගරයේ සිට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලොව පුරා රාජ්‍යයන්ගෙන් චීනය වෙත උදව් උපකාර ලැබෙමින් පවතින බවද චීන මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳුදා කියා සිටියේ නව කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා චීනය දරන උත්සාහය එක්සත් ජාතීන් අගය කරන බවත්, එය පාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති බවත්ය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සහයෝගය සහ සහාය ලබා දීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත ෂැං ජුන් සමග පැවති සාකච්ඡාවකදීය.